දේශපාලන පොරපිටියේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා හා සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා ආණ්ඩුව වෙනුවෙන් විවිධ තර්ක මතුකරමින් විපක්ෂයට චෝදනා එල්ල කිරීමට කටයුතු කළා.
එම චෝදනා සඳහා පිළිතුරු දීමට විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රී විමිල් වීරවංශ මහතා පසුගිය මැතිවරණ පොර පිටියේදී කටයුතු කළා.
ඊයේ ආරම්භ වූ අටවැනි පාර්ලිමේන්තුවේදී ඔවුන් තිදෙනාම එකට හමුවුණා.
මෙම ඡායාරූපය සිය ෆේස් බුක් ගණුමට එක්කරමින රංජන් රාමනායක මන්ත්‍රීවරයා සඳහන් කළේ ජායාරූපයේ ඇත්ත කතාව එළිදක්වන බවයි.
ඒ අනුව එහිදී තමන් වීරවංශ මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්නයක් විමසූ බවත් එය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය පිළිබඳ ප්රශ්නයක්බවත් ඔහු සිය ෆේස් බුක් ගිණුමෙන් නිවේදනය කළා.
මේ එම නිවේදනයයි
"ඊයේ විමල්,සුජීව හා රන්ජන් පාර්ලිමේන්තුවේදී සාකච්චා කලේ ජන්දයට පෙර දින ස්වර්ණවාහිනියේ විකාශනය වූ දේශපාලන වැඩසටහන ගැන බවත් එහිදී එම වැඩසටහනේ තමන් පෙන්වූ ජයරුපය ව්‍යාජ එකක් බවටත් එයට නඩු දමන බවට විමල් විරවංශ කළ ප්‍රකාශය අනුව එයට නඩු දැම්මේ නැත්තේ අයදැයි තමන් විමසු බවත් එය ව්‍යාජ එකක් නොවන නිසා එයට නඩු නොදැමූ බව විමල් විරවංශ ප්‍රකාශ කළ බවත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි"