දකුණු පළාත් සභාවේ සන්ධානය නියෝජනය කරන මන්ත්රී කණ්ඩායම අද (25දා) දකුණු පළාත් සභාවට කළු පටි පැලඳගෙන පැමිණීමත් සමග සභාව තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
උතරු මැද පළාත් සභාවේ බල පෙරළියට එරෙහිව විරෝධය දැක්වීමේ අරමුණින් දකුණු පළාත් සන්ධාන මන්ත්රීන් කළු පටි පැලඳ සභාවට පැමිණ තිබේ.
මේ අතර සන්ධාන මන්ත්රී චන්න සාලිය මන්ත්රිවරයා පිං පෙට්ටයක් ගෙන පළාත් සභා ශ්රවණාගාරයට පැමිණීම නිසා මෙම උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් උග්ර අතට පත් විය.
මෙම අවස්ථාවේ දී එජාප මන්ත්රීවරු සභාවට මැදට පැමිණ පිංපෙට්ටිය උදුරාගැනීමට කටයුතු කරන අතරතුරදී සාලිය මන්ත්රීවරයා එය සභාවෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.
නිමල් අල්ගෙවත්ත/ජිනේෂ් නානායක්කාර