වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් සමහර ස්ථානවල භූගත ජලමට්ටම මීටර් එකත්, දෙකත් අතර ප්රමාණයකින් පහළ බැස තිබෙන බව ජලසම්පත් මණ්ඩලය සඳහන් කරයි.
මේ නිසා පස්, වැලි සහ බොරළු කැපීම සඳහා අවසර ගැනීමේදී ජලසම්පත් මණ්ඩලය ලබාදෙන නිර්දේශ තාවකාලිකව නවතා දැමූ බවද එම මණ්ඩලයේ සභාපති කුරුපිනා කාදර් මහතා සඳහන් කළේය.
මීට අමතරව භූගත ජලය පරිභෝජනය කරන මහා පරිමාණ කර්මාන්තකරුවන් ජලය භාවිත කිරීමේදී සීමා සහිත කිරීමටත් සැලසුම් කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.