පෑලියගොඩ නාගරික මන්ත්රී ශාමිල සඳරුවන් මහතා ඝාතනය කිරීම සඳහා යොදාගත් බව කියන පිස්තෝලය සොයාගැනීමට පොලීසිය සමත් වී තිබේ.
සිද්ධියේ ප්රධාන සැකකරු වන ඩී. මංජු විසින් කරන ලද දැනුම්දීමක් මත බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් සමරසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ගම්පහ ප්රදේශයේදී මෙම පිස්තෝලය අද (28දා) සොයාගත් බව පොලිස් මූලස්ථානය පවසයි.