ක්‍රීඩා පිටියක සෙල්ලම් කරමින් සිටියදී වෑන් රථයකින් පැමිණි පිරිසක් ඊයේ (13දා) තමාව පැහැරගෙන ගිය බව පැවසූ 17 හැවිරිදි පාසල් සිසුවෙකු අද (14දා) පෙරවරුවේ දන්කොටුව ප්‍රදේශයේ අත්හැර දමන ලද තෙල් මෝලක සිටියදී සොයාගත් බව දන්කොටුව පොලීසිය පැවසීය.
පැහැරගෙන ගිය පිරිස තමාන්ව නිදහස් කිරීමට රුපියල් කෝටි 8ක මුදලක් ඉල්ලා සිටින බව පාසල් සිසුවා දුරකථන ඇමතුමකින් සිය පියාට දැනුම්දී තිබූ අතර, අනතුරුව පියා විසින් ඒ බව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු ඇමතුම ලැබුණු දුරකථන අංකය ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලීසිය පාසල් සිසුවාව සොයාගෙන තිබේ.
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවා අද (14දා) දිනයේ තිබෙන ගණිතය ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීමට ඇති අකමැත්ත මත මෙම රඟපෑම සිදුකර ඇති බවත්, කප්පම් ඉල්ලා ඔහුගේ පියාට දැනුම්දුන් දුරකථන අංකය පාසල් සිසුවාගේ මිතුරෙකුට අයත් එකක් බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන මෙම සිසුවාගේ මිතුරන් දෙදෙනෙකුගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිත බව පොලීසිය පැවසීය.
නයිනමඩම චන්දන ප්‍රනාන්දු