නෙළුව මැදගම ආදර්ශ විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුවෙකු අද (04) උදෑසන වෑන් රියකින් පැමිණි පිරිසක් පැහැරගෙනගොස් ඇතැයි නෙළුව පොලිසිය කියයි.
පාසල් යාම සඳහා ඉහළ මැදගම බස් නැවතුමේ සිටියදී වෑන් රියෙන් පැමිණි පිරිස එයට නංවාගෙන මුහුණ ගැටගසා කිසියම් තැනකට ගෙනගොස් පස්වරු 1.30 ට පමණ යළි නෙළුව නගරයට ගෙනගොස් දමා ඇතැයි ද පොලිසිය කියයි.
දරුවාට කිසිඳු කරදරයක් කර නැත. පදිංචිව සිටින ඉඩමෙන් වහා ඉවත්වන ලෙසට දෙමව්පියන්ට දන්වන ලෙස පැහැරගත්තවුන් දරුවාට තර්ජනය කර ඇත.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්