සාගර මට්ටම් ඉහළ යෑම හා මුහුදු ඛාදනය හේතුවෙන් පැසිෆික් සාගරයේ කුඩා දූපත් පහක් අතුරුදන්ව ඇති බව ඔස්ට්‍රේලියානු පර්යේෂකයෝ පිරිසක් පවසති.
සොලමන් දූපත් සමූහයට අයත් මිනිස් වාසයෙන් තොර දූපත් පහක් මෙසේ සාගර ජලයේ නොපෙනී ගොස් තිබේ.
පැසිෆික් සාගර කලාපය දේශගුණික විපර්යාසයන්ට මුහුණපෑම පිළිබඳ ප්‍රථම විද්‍යාත්මක තහවුරු කිරීම මෙය බවද පර්යේෂකයෝ පවසති.
ගුවන් හා අභ්‍යවකාශ ඡායාරූප ආශ්රයෙන් පැසිෆික් දූපත් 33ක ඡායාරූප 1947 සිට 2014 දක්වා කාලය තුළ ඓතිහාසික හා දේශීය දැනුම මත පදනම්ව අධ්‍යයනය කිරීමෙන් මෙම තොරතුරු අනාවරණය කර ගෙන තිබේ.
එහිදී, පසුගිය දශක දෙකක කාලය තුළ වසරකට මිලිමීටර් 10 බැගින් සාගර ජල මට්ටම ඉහළ ගොස් ඇති බවද තහවුර වී තිබේ.
මෙසේ ජලයේ නොපෙනී ගිය දූපත් පහම අක්කර 12ක පමණ භූමි භාගයන්ගෙන් යුතු දූපත් ලෙස සැලකෙන අතර, මේවා ඇතැම් අවස්ථාවල ධීවරයන් විසින් පරිහරණය කළත් මිනිස් වාසයක් පැවති දූපත් ලෙස නොසැලකේ.