සිරියාවේ, යුනෙස්කෝ ලෝක උරුමයක් වන පැල්මයිරා ඓතිහාසික නගරයේ පෞරාණික හා පූජනීය ස්ථානයක් වූ බාල් ෂමින් ගොඩනැගිල්ල IS ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන් පුපුරුවා හැර තිබේ.
සිරියානු පුරාවස්තු පිළිබඳ ආයතනය හා මානව හිමිකම් සංවිධාන හෙළිදරව් කිරීම අනුව, මෙය පුපුරුවා හැරීම සඳහා ඉස්ලාමීය අන්තවාදීන් විශාල පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිත කර ඇත.
මෙම පිපිරුමෙන් ගොඩනැගිල්ලේ මධ්‍යයට සහ එහි කුලුණුවලට දැඩි හානි සිදුව ඇති බවද සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
පසුගිය මැයි 21 වැනිදා රෝම යුගයට අයත් ඓතිහාසික පැල්මයිරා නගරය ඉස්ලාම් රාජ්‍යය යටතට පත්වීමෙන් පසුව එම නගරයේ සිදුවූ ප්‍රථම ගොඩනැගිලි විනාශය ලෙස මෙය සැලකෙයි.