සිරියාවේ ඓතිහාසික පැල්මයිරා නගරයේ වූ පෞරාණික සොහොන් කොත් තුනක් IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් විසින් පුපුරුවා හැර ඇත.
සිරියානු පුරාවිද්‍යා බලධාරීන් පෙන්වාදෙන පරිදි මෙසේ පුපුරුවා හරින ලද සොහොන් කොත් අතර, ක්‍රි.ව. 103 දී ඉදිකරන ලද එල්හාබෙල් සොහොන් කොතද වෙයි.
මහල් කිහිපයකින් සමන්විත මෙම සොහොන් කොත් පැල්මයිරා නගර ප්රාකාරයට පිටතින් ඉදිකර තිබූ බවත්, මෙම ප්‍රදේශය සොහොන් කොත් නිම්නය ලෙස සැලකුණු අතර එය ඓතිහාසිකව පැල්මයිරාවේ ධනවතුන් සතු වූ භූමියක් බවත් පුරාවිද්‍යාඥයෝ පවසති.
පැල්මයිරාවේ ප්‍රධාන ගොඩනැගිල් ද්විත්වයක් සම්පූර්ණයෙන්ම පුපුරුවා හැරීමෙන් පසුව මෙම සොහොන් කොත් විනාශ කිරීමටද අන්තවාදීන් කටයුතු කර ඇත.
ඉස්ලාම් රාජ්‍යයක් බිහිකිරීමේ අරමුණින් සිරියාව හා ඉරාකය කේන්ද්‍ර කරගෙන සටන් වදින IS ඉස්ලාමීය අන්තවාදීන් යුනෙස්කෝ ලෝක උරුමයක් වූ පැල්මයිරාව මේ වනවිට සිය අණසකට යට කරගෙන සිටී.
IS ඉස්ලාමීය රාජ්‍යයකදී වෙනත් ජාතියකට හෝ ආගමකට කිසිදු ඉඩක් නොමැති බව ඔවුන් මෙවැනි ම්ලේච්ඡ ප්‍රහාර හරහා සපථ කරන බව විචාරකයෝ පවසති.