සිරියාවේ, පෞරාණික පැල්මයිරා නගරයේ බලය යළි අත්පත් කරගැනීමට උත්සාහ කළ IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් වෙත රුසියානු ගුවන් හමුදා විසින් දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග ඔවුන් පසුබැස ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ මෙම ප්රයත්නයත් සමග ඇලෙප්පෝ හි සිටින සිරියානු හමුදා කණ්ඩායමක් කිහිපයක්ද වහාම පැල්මයිරාවේ ආරක්ෂාව තරකිරීම සඳහා යොමුකර ඇති බවද කියැවෙයි.
යුනෙස්කේ ලෝක උරුමයක් ලෙස සැලකෙන පැල්මයිරා නගරය 2015 මැයි මාසයේදී ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් අතට පත්වූ අතර, පසුගිය මාර්තු මාසයේදී එම නගරයේ බලය යළි සිරියානු රජය අතට පත්විය.
ඒ අනුව, මෙම සතිය ආරම්භයේදී ත්රස්තයන් පැල්මයිරාව යළි අත්පත් කරගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර, ඔවුන් සෙනසුරාදා වනවිට නගරය වෙත ඇතුළු වෙමින් තිබුණේ, ඉතා ඉක්මණින්ම යළිත් ඒ ඓතිහාසික නගරය ම්ලේච්ඡයන් අතට පත්වනු ඇති බවට සැකයක් ඇති කරමිනි.
කෙසේ වෙතත්, වහාම ක්‍රියාත්මක වූ රුසියානු ගුවන් හමුදාවල දැවැන්ත ප්‍රහාරය හමුවේ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ට නගරයෙන් ඉවත්වීමට සිදුවූ අතර, නගරයෙන් පිටත ඔවුන් හමුදා සමග සටන්වදින බවද කියැවෙයි.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ තමන් ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර 64ක් මෙම මෙහෙයුමේදී සිදුකළ බවයි. එමෙන්ම, ඉන් ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් 300කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවද රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.
මෙම මෙහෙයුමේදී පුපුරණ ද්‍රව්‍ය පිරවූ මෝටර් රථ ඉදිරියට එවීමටද ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් කටයුතු කර ඇති බවටද තොරතුරු පවතින බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
පැල්මයිරා නගරය ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් මූලෝපාය වශයෙන් අතිශය වැදගත් නගරයක් ලෙස සලකන්නේ, තෙල් නිධි පරිශ්‍ර කිහිපයකටම ආසන්නව මෙම නගරය පිහිටා තිබීම නිසාවෙනි.