පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව සංශෝධනය කිරීම සඳහා මහ නගර සභා, නගර සභා ආඥා පනත් සහ ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත් තුනක් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද (26දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මෙම පනත් කෙටුම්පත් තුනට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය ඉදිරි දිනයකදී පාර්ලිමේන්තුවේදී පවත්වන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.
මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාම විශේෂිත පාර්ලිමේන්තු සැසිවාරයක් අද (26දා) කැඳවා තිබිණි.
නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්විය.