ඉදිකිරීම් ක්ෂේත්රයේ පවතින ශිල්පීන්ගේ හිඟය පියවීම සඳහා අවශ්‍ය විසඳුම් ඇතුළත් යෝජනාවලියක් සකස්කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇත.
එම යෝජනාවලිය සකස් කිරීම සඳහා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම්වරු දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ඉදිකිරීම් ක්ෂේත්රයේ මතුව ඇති ගැටලු පිළිබඳ ඊයේ (09) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
පැරණි ගොඩනැගිලි කඩා ඉවත් කිරීමේදී, ඉවත් කෙරෙන පස් සහ ගල් ප්‍රවාහනයේදී මතුව ඇති නීතිමය බාධා ඉවත් කිරීමට අවශ්‍ය චක්‍ර ලේඛයක් ඉදිරියේදී නිකුත් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍යාංශයේ ලේකමවරයා මෙහිදී පවසා ඇත.