බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඇතිවී තිබෙන අඩුපීඩන තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 48ක කාලය තුළදී මුහුදු අවට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ක් 80ක් අතර දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව මුහුදු ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බවත්, මේ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත් විය යුතු බවද කාර්ය නියුක්ති කාලගුණ විද්‍යාල කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් මුහුද රළුවිය හැකි බවද හෙතෙම පවසා සිටියේය. මේ අනතුරු ඇඟවීම දෙසැම්බර් පළමුවැනි දින දක්වා වලංගු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව සඳහන් කරයි.