කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ හෙට (18දා) සිට සිදුකරනු ලබන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් විදෙස් ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ගුවන් මගීන් තමන් ගුවන් ගතවීමට සිටින ගුවන් යානයේ පිටවීමේ කාලයට අනුව පැය 04කට පෙර ගුවන්තොටුපළ වෙත පැමිණෙන ලෙස එම ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ඇතිවිය හැකි දුෂ්කරතාවන් සහ ප්‍රමාදවීම් අවම කර ගැනීම් සඳහා මෙම පියවර අනුගමනය කරන බවත් අවශ්‍ය ඕනෑම මොහොතක ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඇමතුම් මධ්‍යස්ථානය වන 1979 යන අංකය ඔස්සේ සම්බන්ධ වී වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවත් එම සමාගම ගුවන් මගීන්ට දන්වා සිටියි.