පැනමා රාජ්‍යයේ මොසැක් ෆොන්සේකා සමාගමේ කළු සල්ලි තැන්පත් කළැයි කියන ලොව රටවල් 200 ක ව්‍යාපාරිකයන් හා දේශපාලඥයන් ඇතුළු පිරිස් අතර ශ්‍රී ලංකාවේ 65දෙනෙකුගේ නම් ඇති බව ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සංසදය ඊයේ (09දා) අනාවරණය කළේය.
පැනමාවේ මොසැක් ෆොන්සේකා නීතිඥ සමාගමෙන් කෝටි දස ලක්ෂයක පමණ ලියවිලි මේ වනවිට පිටවී තිබේ. එමෙන්ම, මීට පෙර නම් හෙළි නොවූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙහි සිටින බවද අනාවරණය වෙයි. එහිදී, කළු සල්ලි සුදු කිරීමට මෙන්ම, රට රටවල නීතිවලින් හා බදුවලින් පැන යාමට මොසැක් ෆොන්සේකා සමාගම උදව් කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.
ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සංසදයට අනුව ශ්‍රී ලංකාවේ 65 දෙනෙකුගේ නම් මෙම ලියවිලිවල තිබූ බවත්, මීට පෙර සඳහන් කෙරුණේ ශ්‍රී ලංකාවේ 46 දෙනෙකු එසේ කළු සල්ලි තැන්පත් කළ අය අතර සිටින බවත්ය.
ලිපින හා නම් වෙත මෙතනින් යොමුවෙන්න - http://indianexpress.com/panama-papers-full-list/
https://offshoreleaks.icij.org/search?c=LKA&cat=1&e&j&q&utf8=%E2%9C%93