(VIDEO) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණශාලාවේ පැවැති ජාත්‍යන්තර හෙද දිනය සැමරීමේ උත්සවයට එක්වීමට අද එහි පැමිණියා.
එහිදී පැනමාහි මුදල් තැන්පත් කළ අය පිළිබඳව හිටපු ජනපතිවරයාගෙන් මාධ්‍යවේදින් ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු දුන් හිටපු ජනපතිවරයා පැවැසුවේ 'ඒකේ රාජපක්ෂලා නෑ නේද?' යනුවෙනි.
නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා බරපතල වංචා පිළිබඳ කොමිසමටත්, යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා මූල්‍ය වංචා විමර්ශන ඒකකයටත් පැමිණීම පිළිබඳව අදහස් දැක්වූ හිටපු ජනපතිවරයා පැවැසුවේ එය දේශපාලනය පළිගැනීමක් බවයි.
වීඩියෝව නරඹන්න