පැණිබීම බෝතලවල අඩංගු සෑම සීනි ග්‍රෑම් එකකට සත 50 ක බද්දක් අය කිරීමේ වැඩපිළිවෙළට සහන ලබා දෙන ලෙස පැණිබීම සමාගම් ඉල්ලා ඇතත්, කිසිදු සහනයක් ලබා නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
පැණිබීම සමාගම් වල නියෝජිතයන් තමන් හමුවී සහන ඉල්ලා සිටි බවත්, සහන ලබා දිය යුත්තේ ජනතාවට බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා අනාවරණය කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව බෝනොවන රෝගවලින් වාර්ෂිකව ලොව පුරා ජනගහනයෙන් සියයට 70ක් පමණ මියයන බව අනාවරණය වී තිබේ.