ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් පැකර් ඇතුළු ව්‍යාපාරිකයන් තිදෙනෙකුට හෝටල් ඉදිකිරීම සඳහා කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතෙන් ඉඩම් ලබාදීමට රජය තීරණය කර තිබේ.
එම ඉඩම් ලබාදීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ (17) රාත්රියේදී මුද්‍රණයට යවා තිබුණි. මෙම හෝටල් තුන ඉදිකිරීම සඳහා ඉඩම් ලබාදුන්නත් එම හෝටල් සංකීර්ණ සඳහා සූදු ඇතුළු කැසිනෝ බලපත්‍ර ලබාදීමට තීරණය කර නොමැති අතර, එය ඊයේ රාත්රියේදී මුද්‍රණයට යොමුකළ ගැසට් නිවේදනයේද ඇතුළත් නොවූ බවද වාර්තා වෙයි.