කැසිනෝ රජා යන ලෙස හඳුන්වන කෝටිපති ව්‍යාපාරික ඔස්ට්‍රේලියාවේ ජේම්ස් පැකර් ශ්‍රී ලංකාවේ සිදුකිරීමට යෝජිතව තිබූ ඩොලර් මිලියන 400ක් වටිනා මිශ්‍ර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවෙන් ඉවත්කර ගැනීමට තීරණය කර තිබෙන බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.
අදාළ ව්‍යාපෘතිය සඳහා ලබාදුන් බදු සහන ඉවත්කිරීමත්, එසේම එහි කැසිනෝ පවත්වාගෙන යාම තහනම් කිරීමටත් ඊයේ (29දා) ඉදිරිපත් කළ අයවැයෙන් යෝජනා වූ අතර එහෙයින් ව්‍යාපෘතිය තවදුරටත් පවත්වාගෙන නොයන බව ක්‍රවුන් ව්‍යාපාරයේ ප්‍රකාශකයෙක් ඒ.බී.සී. පුවත්සේවයට පවසා තිබේ.