පැපුවා නිව්ගිනියාවට නැගෙනහිරින් ඇති වූ රික්ටර් පරිමාණ 7.9ක ප්‍රබල භූ කම්පනයකින් පසුව සුනාමි අනතුරු ඇඟවීමක් සිදුව තිබේ.
මුලින් රික්ටර් පරිමාණ 8.0 ක භූ කම්පනයක් ලෙස ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය මෙය හැඳින්වීය.
පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් මෙම භූ කම්පනයෙන් පසුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ උදම් රළ ඇති වීමේ හැකියාවක් පවතින බවයි. එමෙන්ම, නවසීලන්ත සිවිල් ආරක්ෂක අංශය විසින් සුනාමි අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.
පැපුවා නිව්ගිනියාවේ නිව් අයර්ලන්ත කලාපයේ පොළොව අභ්‍යන්තරයේ කි.මී.73ක් ගැඹුරින් මෙය ඇති වී තිබෙන බවද කියයි.
සාමාන්‍ය මුහුදු රළවලට වඩා මීටර් එකත් තුනත් අතර උසකින් නිරිතදිග පැසිෆික් කලාපය වෙත උදම් රළ පැමිණිය හැකි බව අනුමාන කර තිබේ.
එමෙන්ම, හවායි දූපත්වලද සුනාමි අනතුරු ඇඟවීම තවදුරටත් පවතින බව විදෙස් වාර්තා පවසයි.