ඉතිහාසයේ ප්‍රථම වතාවට නීත්‍යනුකූලව පාසල්වලින් මුදල් එකතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.
ජනවාරි 29 වැනිදා නිකුත් කළ 5/2015 දරන චක්‍රලේඛය මගින් පාසලේ අත්‍යවශ්‍ය වියදම් සඳහා මුදල් එකතු කිරීමට විදුහල්පතිවරයාට බලය පැවරෙන බව දක්වා තිබෙන බවත්, මේ වනවිට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හා විදුහල්පතිවරුන්ට චක්‍රලේඛය යවා තිබෙන බවත් එහි කැඳවුම්කරු නජිත් ඉන්දික ප්‍රකාශ කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති මෙම තීරණයට විරුද්ධව ඉදිරියේදී උද්ඝෝෂණවල යෙදෙන බවද ඔහු පවසා සිටියේය.