ගංවතුර අවදානම් තත්ත්වයන් පවතින පාසල්වල පරිගණක විද්‍යාගාර, පුස්තකාලය හා සෞන්දර්ය ඒකකය යන ඒකකයන් පාසලේ බිම් මහල්වල ස්ථාපිත කිරීමෙන් වැළකී ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
හෙතෙම මේ බව ප්‍රකාශ කරන ලද්දේ ඊයේ (04දා) ගංවතුරින් හානියට පත් දකුණු පළාතේ පාසල් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.
විනාශ වී ගිය සහ අබලන් වූ ගොඩනැගිලි වෙනුවට නව මහල් ගොඩනැගිලි ඉදිකිරීමට පියවර ගන්නා ලෙස, නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර, එම පාසල්වල විනාශ වී ගිය පාසල් සඳහා පරිගණක, සෞන්දර්ය උපකරණ ඇතුළු සෙසු ද්‍රව්‍ය ලබාදීම සඳහා කඩිනමින් කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
එක් එක් පාසල්වල භෞමික සැකැස්ම, භූගෝලීය වටපිටාව, පාසල් ගොඩනැගිලි ඉදිකර ඇති ස්වභාවය ආදිය සැලකිල්ලට ගෙන පාසලට ආවේණික ප්‍රධාන සැලැස්මක් සකස් කරගන්නා ලෙස සෑම පාසලකටම උපදෙස් ලබාදී ඇති බවද, ඇතැම් පාසල් ප්‍රධානීන් එම උපදෙස් නොතකාහැරීම හේතුවෙන් මෙවැනි ආපදා අවස්ථාවලදී සිදුවන හානි අවම කරගැනීමට නොහැකි වී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.