බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ගබඩා කාමරයක් තුළ ඉකුත් 18 වැනිදා අබිරහස් ලෙස මියගිය කාන්තාවගේ ඝාතන සිද්ධියට අදාළ සැකකරුවෙකු බම්බලපිටිය පොලීසිය ඊයේ (21දා) අත්අඩංගුවට ගත්තේය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරුළපන ප්රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.
මියගිය කාන්තාව සතු ජංගම දුරකථනය එම ස්ථානයේ තිබී පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, එහි තිබූ දුරකථන අංක ඔස්සේ අදාළ පරීක්ෂණ සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.