පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ නියාමනය කිරීම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පැවසීය.
සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ වාර්ෂික සම්මේලනයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
"පාසල් වෑන් රථ පිළිබඳව නියාමනයක් සකස් කළ යුතු බවට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කොමිසමේ සභාපතිතුමාට මම යෝජනා කරනු ලැබුවා. මේ නියාමනය කුරුණෑගල දිසත්රික්කයෙන් පටන් ගන්න අදහස් කළේ මම කුරුණෑගල සිටින නිසාම නොවෙයි. මේ සම්බන්ධයෙන් කුරුණෑගල පාසල් වෑන් රථ හිමිකරුවන්ට විශාල උනන්දුවක් තිබෙන නිසායි.
අපි මේ විදිහට වෑන් රථ නියාමනය කිරීමේදී එම රථවල රියැදුරාට අමතරව සහායකයෙකු හෝ සහායිකාවක සිටිය යුතුයි. ඊට අමතරව සෑම වෑන් රථයකම ප්‍රථමාධාර කට්ටලයක් තිබිය යුතුමයි. ඔවුන් ඒ පිළිබඳව දැනුවත්ව සිටිය යුතුයි. අපි ඒ සඳහා සකස් කළ කෙටුම්පත දැන් නීතිපතිවරයා වෙත යවා අවසානයි. අපි ඒ සඳහා ඔබලා සමගත් සාකච්ඡා පවත්වා තියෙනවා"