ඉදිරියේදී සිසුන්ට ලබාදෙන නිල ඇඳුම් වවුචරයේ වටිනාකම වැඩිකිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස තමා නිලධාරීන්ට උපදෙස් දුන් බව අධ්‍යාපන අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
හෙතෙම මේ බව සඳහන් කළේ අද (23දා) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති උත්සවයකදීය.
එසේම සේවයේ නියුතු ගුරුවරුන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව දරු ප්‍රසූතිය ඇතුළු වෙනත් හේතු මත නිවාඩු ලබාගන්නා බැවින් එම කාල වකවානුවල සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් ඇති නොවන පරිදි පාසල්වල සේවය සඳහා යෙදවීමට කලාප මට්ටමින් ගුරු සංචිතයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී පැවසීය.