පාසල් නිල ඇඳුම පවා වෙනස් වියයුතු කාලයක් එලඹ ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
සීග්‍රයෙන් වෙනස් වන ලෝකය තුල අනාගතය ජයගත හැකි අයුරින් සිදුකල යුතු වෙනස්කම් අදම සිදු කිරීමට පියවර ගත යුතු බවත් විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්රය තුල එම වෙනස්කම් සිදුකිරීමට වර්තමානයේ කටයුතු නොකළහොත් අනාගතයේදී දරුවන් අපට දොස් පවරනු ඇති බවද අමාත්‍යවරයා කීවේය.
පාසල් නිල ඇඳුම පවා වෙනස් වියයුතු කාලය එලඹ ඇති බව සඳහන්කල ඇමතිවරයා සම්ප්‍රධායික රාමුව තුල කොටුවී සිට තීන්දු තීරණ ගැනීමෙන් ඔබ්බට ගොස් අනාගතය ජයගත හැකි ගුණාත්මක බවින් ඉහල තීන්දු තීරණ ගැනීමට තමන් කිසි විටෙකත් පසුබට නොවන බවද අවධාරණය කළේය.
ඉදිරියේදී ගර්භනී ගුරුවරියන්ට පහසු ඇඳුමක් හඳුන්වා දීමට අදහස්කර ඇති බවද පැවසු අමාත්‍යවරයා ප්රායෝගිකත්වයට මුල්තැන ලබාදෙමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවයද සිහිපත් කළේය.
කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ඉදිකිරීමට නියමිත ශ්‍රවණාගාරය සඳහා මුල්ගල තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේබව කීවේය.