ලබන වසරේ පාසල් සිසුන් සඳහා ලබාදෙන නිල ඇඳුම් වවුචර පාසල් මට්ටමින් බෙදාහැරීම සඳහා වන කටයුතු ලබන සතියේ සිට අරඹන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
කොළඹ තර්ස්ටන් විදුහලේ පැවැති උත්වසයකදී ඔහු මේ බව පැවසීය. එසේම පංති කාමරයක සිසුන් සංඛ්‍යාව 30 හා 40 සීමාවට ගෙන ඒමට කටයුතු කරන බවදඅමාත්‍යවරයා කියා සිටියේය.