ආපදා තත්ත්වය හේතුවෙන් විවෘත කිරීමට නොහැකි වූ පාසල් තුනක් හැරෙන්නට සෙසු සියලුම පාසල් අඟහරුවාදා දිනයේදී විවෘත කරන බව සබරගමුව පළාත් මහ අමාත්‍ය මහීපාල හේරත් මහතා සඳහන් කරයි.
අයගම රාහුල විදුහල, කිරිබත්ගල විදුහල හා උතුරු කරඳන විද්‍යාලය යන පාසල් හැරෙන්නට සබරගමුවේ සියලුම පාසල් අඟහරුවාදා දිනයේදී විවෘත කිරීමට නියමිතය.
අධ්‍යාපන අමාත්‍යාංශය මීට ඉහතදී සඳහන් කළේ පාසල් 17ක් හැරෙන්නට සබරගමුවේ සියලුම පාසල් හෙට (05දා) විවෘත කරන බවයි.