විද්‍යාලයක කළමනාකාරීත්වය සාර්ථකව ගෙනයෑමට නම් විදුහල්පති, ගුරුවරුන් සහ ශිෂ්‍ය නායක නායිකාවන් යන කණ්ඩායම් තුනම අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
අගමැතිවරයා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේදී අද (21දා) පාසල් ශිෂ්‍ය නායක නායිකාවන් හමුවූ අවස්ථාවේදීය.
පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කටයුතු වැඩිදියුණු කිරීම සඳහා අමාත්‍යාංශ 4ක නියෝජිතයන් සහ ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් එක්කර, සෑම පාසල් කලාපයක් තුළම ශිෂ්‍ය නායක කේන්ද්‍ර ඇති කරන බවද අගමැති වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා සිටියේය.