පාසල් අධ්‍යාපනය තුළ විද්‍යා හා තාක්ෂණ විෂය ප්‍රචලිත කිරීමේ නව වැඩසටහන් ඇති කරන බවත්, මෙරට පර්යේෂණ අංශ දියුණු කරන බවත් විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ කාර්මික තාක්ෂණ ආයතනයේ 60 වැනි සංවත්සර සමරමින් අද (16දා) බත්තරමුල්ල වෝටර්ස් එජ්හි පැවති උත්සවයකදීය.
අනාගත අභියෝගයන්ට මුහුණ දියහැකි වන පරිදි කාර්මික තාක්ෂණ ආයතනය දියුණු කළ යුතු බවත්, වත්මන් රජයේ වසවිස නැති රටක් සංකල්පය වෙනුවෙන් කාර්මික තාක්ෂණ ආයතනයේ කාර්යභාරය ඉමහත් බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.
කාර්මික තාක්ෂණ ආයතනයේ වසර 30 කට වැඩි සේවා කාලයක් සහිත සේවකයන්ට සම්මාන පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මෙහිදී සිදුකෙරිණි. ඉංජිනේරු සේවා අංශයේ විශිෂ්ට සේවාව වෙනුවෙන් අනුර සූරියආරච්චි මහතාට විශේෂ සම්මානයක්ද මෙහිදී පිරිනැමිනි.
මෙම අවස්ථාවට කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති නිරෝෂන් පෙරේරා මහතා ඇතුළු කාර්මික තාක්ෂණ ආයතනයේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.