පිටකොටුව බැස්ටියන් මාවතේ ඉදිකර ඇති පාවෙන වෙළෙඳ සැලේ කඩ කාමර 70 ක් මුලින් එම ප්‍ර‘දේශයේ අනවසර ඉදිකිරීම් ලෙස ඉවත්කළ කඩ හිමියන් වෙනුවෙන් ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ උපදේෂක වීරසේන අධිකාරි මහතා පැවසීය.
එහි එක් වෙළෙඳ සැලක් සඳහා අත්පිට මුදල් ලෙස රුපියල් ලක්ෂ 07 ක මුදලක්ද, මාසික කඩ කුලිය ලෙස රුපියල් 7000 ක් ලබාදිය යුතු බවත් ඒ මහතා පවසා සිටියේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.