කළුතර දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීම විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා විසින් ප්රතික්ෂේප කර තිබේ.
අලුත්ගම හා බේරුවල ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සිය රාජකාරි ඉටුකිරීම පැහැරහැරීම නිසා පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතු බවත්, එසේ නොවුවහොත් තමන් පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉවත්වන බවත් මන්ත්රීවරයා පැවසීය.
ඒ අනුව ඔහු අද (08දා) සිය ඉල්ලා අස්වීමේ ලිපිය රනිල් වික්රමසිංහ මහතාට භාර දී තිබේ.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු සිය ධුරයෙන් ඉල්ලා අස්වෙනවා නම් එම අස්වීම කථානායකවරයාට හෝ පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදිය යුතුය.