දැනට භාවිතයට නොගන්නා පාලවිය ගුවන්තොටුපළ තවත් හෙක්ටයාර 26ක භූමි ප්‍රමාණයක්ද ඇතුළත් කර සංවර්ධනය කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ සඳහා රුපියල් මිලියන 750ක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර,සංචාරක නිකේතනයක් බවට පත්වෙමින් තිබෙන කල්පිටිය ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙය සිදුකිරීමට සැලසුම්කර තිබේ.