බිලිනයක පාඩුවක් ලැබූ ලංකා සීනි සමාගම වසරක කාලයක දී රුපියල් බිලියනයක් ලාභ ලබන තත්ත්වයට පත් කළද දැන් සීනි අලෙවි කිරීමට සිදුව ඇත්තේ නිෂ්පාදන වියදමටත් වඩා අඩුවෙන් යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සීනි සඳහා පාලන මිලක් නියම කර තිබෙන බැවින් නිෂ්පාදනය සඳහා වැයවන මුදල පවා ලබා ගැනීමට නොහැකි බවය.
අමාත්‍ය බදුයිදීන් මහතා මේ බව කියා සිටියේ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා භූමියේදී යල කන්නයේ උක් අස්වැන්න නෙලීමේ මංගල්ය්යට සහභාගී වෙමිනි.