පොදුවේ මේවනවිට පාලන මිල නියම කර තිබෙන භාණ්ඩ මිල විශාල ලෙස ඉහළ දමා වෙළෙඳුන් භාණ්ඩ අලෙවි කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
අත්‍යවශ්‍යම භාණ්ඩ වන සහල්, පරිප්පු, උම්බලකඩ, පොල්තෙල්, හාල්මැස්සන්, ටින් මාළු, කඩල වල මිල විශාල ලෙස ඉහළගොස් තිබෙන බවත්, මේ හරහා පාරිභෝගික ජනතාව දැඩි අසරණ තත්ත්වයකට පත්ව තිබෙන බවත් එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
පාලන මිලට සහල් ලබාදීමට විදේශ රටවලින් සහල් ආනයනය කළ බවට සඳහන් කළත්, ආහාරයට ගත හැකි සහල් කිලෝවක මිල රුපියල් 90 ඉක්මවා ගොස් තිබෙන බවද පවසා සිටියේය.
අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩිමිලට අලෙවිකරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියට හැකියාව තිබුණත්, එම ආයතනය අදාළ සොයාබැලීම සිදුනොකරන බවද සඳහන් කළේය.