ආර්ථික අර්බුදය එලෙස පවතිද්දී පාලක පන්තියේ අර්බුදය උත්සන්න වී තිබෙන බවත්,පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය හා අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව හේතුවෙන් හවුල් ආණ්ඩුවේ අවුල වැඩි වී තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මේ හේතුවෙන් රට තුළ ආණ්ඩුවක් නැති තත්ත්වයට පත්ව අරාජිත වී තිබෙන බවද එම පක්ෂය විසින් නිකුත් කරන ලද මැයි දින පණිවුඩයේ සඳහන් කර තිබේ.
ලංකාව දැවන්ත මූල්‍ය අර්බුදයකට ලක්ව ඉන් ගොඩ ඒමට නොහැකිව ඒ තුළට ගිලෙමින් තිබෙන බවත්, රටතුළ ගොඩනැගී ඇති දැවන්ත ණය කන්දරාවත්, විදේශ වෙළෙඳාමේ පාඩුව හා විදේශ වත්කම් විශාල ලෙස පහළ වැටීමත් නිසා රුපියල බාල්දු වෙමින් විශාල අර්බුදයකට මග විවර කර තිබෙන බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.