පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් කෝටි සියයක මුදලක් යෙදවීම අත්‍යාවශ්‍ය නොවන බවත්, ජනතාව මහජන නියෝජිතයන් පත්කළේ ජනතා ගැටලු විසඳීමට මිස දේශපාලඥයන්ට සැප විඳීමට නොවන බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ උඩදුම්බර කිරිගංකුඹුර ඉදිවූ නිවාස 24කින් සමන්විත මිහිදුම්ගම නිවාස ඊයේ (21දා) ජනතා අයිතියට පත්කරමිනි.
“ කෝටි සියයක් කියන්නේ රුපියල් ලක්ෂ දසදහසක්. ඒ මුදල් මගේ අමාත්‍යාංශයට ලැබුණා නම් මට නිවාස 25කින් යුතු ගම්මාන 80ක් දිවයින පුරා ඉදිකරන්න පුළුවන්. නිවාස 2000ක් ඉදිකරන්න පුළුවන්. රටේ සංවර්ධන න්යායපත්රයේ තිබිය යුත්තේ ජනතාව ඉල්ලා සිටින ජනතා අවශ්‍යතා සපුරාලීම මිස පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණය සඳහා විශාල මුදලක් වෙන් කිරීම නොවෙයි. මහජන නියෝජිතයන් වන අප පත් කළේ ජනතා ගැටලු විසඳා ගැනීමට මිස ජනතාව මත තවත් ගැටලු පීඩන ඇති කර ගැනීමට නොවෙයි.”