අනුරාධපුර නගරයේ පාරිභෝගිකයන්ට බෙදා හැරීම සඳහා රැගෙනආ පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝ ග්‍රෑම් 750 ක් අනුරාධපුර ආහාර හා ඹෟෂධ පරීක්ෂක කාර්යාලයේ ආහාර ඹෟෂධ පරීක්ෂක නිළධාරී ආනන්ද වේරගොඩ මහතා විසින් වැටලීමක් සිදු කර ඒවා ප්‍රවාහනය කළ කන්ටේනර් රථය සහ එහි හිමිකරු අත් අඩංගුවට ගනු ලැබීය.
මෙම කන්ටේනර් රථය තුළ හාල් මැස්සන් කිලෝ 15 බැගින් වු පෙට්ටි 50 ක් (කිලෝග්‍රෑම් 750 ක්) තිබී ඇත. එම පෙට්ටි විවෘත කර පරීක්ෂාවට ලක් කිරීමේදී කල් ඉකුත්වී නරක්වී තිබු නිසා එම භාණ්ඩ සමඟම කන්ටේනර් රථය අනුරාධපුර පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය වෙත රැගෙන පරීක්ෂා කරන ලදී.
තිසර සමල් - එප්පාවල