පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ජගත් පාරිභෝගික දිනය මූලක කර ගනිමින් පවත්වන පාරිභෝගික සැලකුම් සතිය හෙට (14දා) සිට එළඹෙන 20 වැනිදා දක්වා පැවත්වෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
මෙම සතිය තුළදී බැංකු ඇතුළු ආයතන 67 ක් තුළින් ජනතාවට විශේෂ සහන හිමිවනු ඇත. අදාළ සහන පිළිබඳවෆේස්බුක් වෙබ් අඩවියේ consumer Affairs Authority වෙබ් පිටුවෙන් හෝ www.caa.gov.lkවෙබ් අඩවිය තුළින් තොරතුරු ලබාගත හැකිය.