පසුගිය වසරේ (2013) ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ පාරිභෝගික අධිකාරිය දීපව්‍යාප්තව සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 82 ක ආදායමක් උපයාගෙන ඇතැයි සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
පරීක්ෂා කිරීම් 50,000 ක් සිදුකර ඇති අතර, මෙයින් පාරිභෝගික පනත උල්ලංඝනය කළ වෙළෙඳුන් 25117 ට නඩු පවරා තිබේ. වැඩිම වැටලීම් ප්‍රමාණයක් කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම වැටලීම් සංඛ්‍යාව 3024 කි. එයින් 3000 ට නඩු පවරා ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුකළ වැටලීම් 2484 කි. මහනුවර දිස්ත්‍රික්කයෙන් වැටලීම් 2745 ක් සිදුකර ඇති අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැටලීම් 1809 කි. කෑගල්ල දිස්ත්‍රික්කයෙන් වැටලීම් 1539 ක් හා පුත්තලම දිස්ත්‍රික්කයෙන් වැටලීම් 1422 ක් සිදුකර ඇත.