පාරිභෝගික අධිකාරිය අද (14දා) සිට සැලකුම් සතියක් නම් කරනු ලැබුවද වෙළෙඳපොළේ පවතින මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ගැන කිසිදු සොයාබැලීමක් සිදුනොකරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ආපනශාලා හිමියන්ගේ සංගමය සහ පාරිභෝගික සේවාලාභී එකමුතුව සඳහන් කරයි.
මේ නිසා මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍යවල සාම්පල සියල්ලම පාරිභෝගික කටයුතු අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට හෙට (15දා) රැගෙන ගොස් එම අධිකාරිය ඉදිරිපිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව එම සංගම් නියෝජිතයෝ සඳහන්කරති.
මෙම විරෝධතාවේදී පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ අලෙවි කිරීම නවතා දමන ලෙසට එම අධිකාරියට බලකිරීමක් සිදුකරන බවද එම පිරිස් පෙන්වා දෙති.