පාරිභෝගික අධිකාරී පනත උල්ලංඝනය කරමින් භාණ්ඩ අලෙවි කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා ගෙවී ගිය දින 45 ක කාලය තුළදී පාරිභෝගික කටයුතු අධිකාරිය වැටලීම් 2665 ක් සිදුකර තිබේ.
මෙම වැටලීම්වලින් ජනවාරි 01 වැනි දින සිට 31 වැනි දින දක්වා වැටලීම 1639 ක් සිදුකර තිබෙන අතර, එම වැටලීම්වලින් රජයට රුපියල් 9,703,300 ක මුදලක් උපයා දී ඇත.
පෙබරවාරි පළමුවැනි දින සිට ඊයේ (15දා) දිනය දක්වා වැටලීම 926 ක් සිදුකර තිබෙන අතර, එම වැටලීම්වලට අනුව වෙළෙඳුන් 1023 දෙනෙකුට නඩු පවරා තිබේ. පසුගිය වසරේ ජනවාරි මාසයේදී වැටලීම් 153 ක් සිදුකර තිබෙන අතර, එමගින් රජයට රුපියල් 2,468,000 ක් උපයා දී ඇත.