පාරිභෝගික අධිකාරී පනත උල්ලංඝනය කරන්නන්ට ලබාදෙන සිරදඬුවම හා දඩ මුදල් ඉහළ දැමීමට අදාළව පාරිභෝගික අධිකාරී පනත සංශෝධනය කරමින් පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ඒ.කේ.ඩී.ඩී.ඩී. අරන්දර මහතා සඳහන් කළේය.
නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අවසාන වාර්තාව මේ වන විට අධිකාරියට ලැබී තිබෙන බවත්, එය අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය පරීක්ෂා කරමින් සිටින බවද පවසා සිටියේය.
පරීක්ෂා කිරීම් වල හරි අඩක් අවසන් බවත්, අදාළ පරීක්ෂා කිරීම අවසන් වූ පසු අමාත්‍ය මණ්ඩලයට ලබාදී ඒ සඳහා අනුමැතිය ලබාගන්නා බවද අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේය.
පනත සංශෝධනය කිරීමත් සමග ඇතැම් වැරදි සම්බන්ධයෙන් දැනට අය කර ගන්නා දඩමුදල් හා සිරදඬුවම් කාලය ඉහළ යන බවද හෙතෙම පවසා සිටියේය.