අද (01දා) සවස පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශේෂ උත්සවය හේතුවෙන් පස්වරු 02.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළදි පොල්දූව හංදියේ සිට ජයන්තිපුර දක්වාත්, ජයන්තිපුර සිට චියැන්හෑම් පාළම දක්වාත්, පාර්ලිමේනතුව ඉදිරිපිට මාර්ගයේ වාහන ගමනය සිමා කරන බව පොලීසිය පවසයි. අපහසුතාවය මගහරවා ගැනිම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය පවසයි.