අටවැනි පාර්ලිමේන්තුව සඳහා තේරීපත්වු මන්ත්‍රීවරුන් සඳහා හෙට(23) පැවැත්වීමට තිරණය කළ තොරතුරු කවුළුව වැඩසටහන දිනයකින් කල් දැමු බව පාර්ලිමේන්තු මහලේකම්වරයා පැවසීය
ජතික ලයිස්තු මන්ත්‍රීධුර ගැස්ට්කීරීම ප්‍රමාදවීම එයට හේතුව වු බවද පැවසු හෙතෙම සදුදා දිනයේ සිට එම තොරතුරු කවුළුව පවත්වන බවද පැවසීය.
ඒඅනුව 24 වැනි සඳුදා, 25 වැනි අඟහරුවාදා සහ 26 වැනි බදාදා යන තෙදින පෙරවරු 9.30 සිට පස්වරු 3.30 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේදී තොරතුරු කවුළුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එහිදී පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට ප්‍රයෝජනවත් සහ අත්‍යවශ්‍ය තොරතුරු සහ ලිපිලේඛනාදිය ලබාදීමට නියමිතය බැවින්, එයට නොවරදවාම සහභාගීවන ලෙස සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තු මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය