(Video) 20 වැනි සංශෝධනයේ මූලධර්මවලට එකඟ විය නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත්, එමනිසා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කළා සේ පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් විසුරුවා මහ මැතිවරණයකට යායුතු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය. නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත්පී.පෙරේරා මහතා පැවසීය
අද (15දා) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ ඇති බහුතරය රටේ මහජනතාවගේ අදහස නියෝජනය නොකරන බවද කීය.
එ.ජා.ප.ය මැතිවරණ සංශෝධනයකට කැමති බවත්, කොට්ඨාස ක්‍රමය සහිත මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ඒසදහා අවශ්‍ය බව පිළිගන්නා බවත් කියා සිටි අමාත්‍යවරයා එසේවුවද වත්මන් පාර්ලිමේන්තුවේ නව මැතිවරණ ක්‍රමයක් ඇති කරන 20වැනි සංශෝධනය සම්මත කරගත හැකි වාතාවරණයක් නොමැතිබවද පැවසීය.
මහ මැතිවරණයක් පවත්වා ආණ්ඩුවක් පත්කරගැනීමෙන් පසු නව මැතිවරණ ක්‍රමයක් ඇතිකරන 20වැනි ව්‍යවස්ථා සංශෝධනය පමණක් නොව පැහැදිලි සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් කළයුතුබවද හෙතෙම කියා සිටියේය.
VIDEO