ඉදිරියේදී මෙම ආණ්ඩුව පෙරළීමට එක්ව අරගල කරන බවත්, ඒ වෙනුවෙන් පාරට බැසීමට සූදානම් බවත් සිනමා හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වූ අනුරුද්ධ ජයසිංහ මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ අද (08දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය. කලා ක්ෂේත්රයේ යටිතල පහසුකම් වර්ධනය කළ යුතුව ඇති බවද ඔහු එහිදී පැවසීය. මෙයට එක්වූ ප්‍රවීණ රංගන ශිල්පිණී දීපානි ද සිල්වා මහත්මිය කියා සිටියේ, දින සියයේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමට තමන්ගේ විරෝධයක් නොමැති බවයි. එසේ වුවද තවදුරටත් හෙතෙම අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීම ගැටලුසහගත බවත්, පාර්ලිමේන්තුව විසුරුවා නව රජයක් පත්කර ගැනීමට අවස්ථාව ලබාදිය යුතුව ඇති බවත් ඇය පවසා සිටියාය.
රටේ නව පාලනයක් ස්ථාපිත වී අදට දින 148 ක් වුවද බලාපොරොත්තු වූ වෙනස තාමත් සිදුවී නොමැති බව පවසමින් පෙරඹර කලාකරුවන්ගේ සංවිධානය මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.