මන්ත්රීවරු අසම්පූර්ණ ඇඳුමින් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ රැයක් ගතකිරීම මගින් පාර්ලිමේන්තු සම්ප්රදාය කඩකිරීම පාර්ලිමේන්තු ඉතිහාසයට කැළලක් එක් වූ බව ජාතික සේවක සංගමයේ හිටපු මහලේකම් කේ.ඩී. මෙන්ඩිස් මහතා අද ට පැවසීය.
පාර්ලිමේන්තු සභා ගර්භයට ඇතුල්විය යුත්තේ සම්පූර්ණ ඇඳුමකින් සැරසීමෙන් බවට නීතියක් පනවා තිබියදී විපක්ෂ මන්ත්රීවරුන් පාර්ලිමේන්තුව තුළ ඊයේ (20දා) හැසිරුණු ආකාරය අශෝභන බවද හෙතෙම පැවසීය.
මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කතානායකවරයා පියවරක් නොගැනීම විමතියට කරුණක් බවද හෙතෙම පැවසීය.