ජනාධිපති කාර්යාල නිලධාරීන් විසින් පාර්ලිමේන්තුවට ලබාදුන් බැඳුම්කර වාර්තාවේ සී/350 හා සී/360 ඇමුණුම්හි මුදල් ලබාගැනීම් පිළිබඳව තොරතුරු ඇතුළත් නොමැති බවත් නම් 118ක් නොමැති බවත් කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
එසේම ජනපති ලේකම් ඔස්ටින් ප්රනාන්දු මහතා මේ වන විට විදේශ ගතව සිටින බැවින් බැඳුම්කර වාර්තාවේ සී කොටස සම්පූර්ණයෙන්ම ලබාගැනීම සම්බන්ධයෙන් ඔහු නැවතත් දිවයිනට පැමිණ පසු සාකච්ඡා කරන බවත් කතානායකවරයා අද (05දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
කෙසේ වෙතත් මෙහිදී ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළේ දැනට ලැබී තිබෙන සී/350 හා සී/360 වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි.