ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමිය විධිමත් පැවරුම් සහතිකයක් ලබා දීමට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කණ අමාත්‍යාංශය කටයුතු කර තිබේ. එම සහතිකය ජුනි 05 දා අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් කථානායක කරු ජයසූරිය මහතා වෙත ලබාදීමට නියමිතය.
පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමි භාගයට හෙක්ටයාර් දහ අටක් අයත් අතර එය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනක් පුරා විහිදී පවති. ශ්‍රී ජයවර්ධනපුර, කඩුවෙල හා මහරගම එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්ය.
පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉතිහාසය
ගාලූ මුවදොර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මන්ත්‍රීන් සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වැඩි විණි. ඒ සමගම පාර්ලිමේන්තුවේ වැඩ කටයුතුද සංකීර්ණ විය. 1960 දශකයේදී නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක අවශ්‍යතාව පළමුව පැන නැගුණි. ඒ ඩඩ්ලි සේනානායක මහතාගේ පාලන සමයේදීය. කථානායක සර් ඇල්බට් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකවරුන්ගෙන් සමන්විත වන පරිදි කමිටුවක් 1967 අපේ‍්‍රල් 04 වැනි දින ඒකමතිකව තීරණය කළේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් තැනිය යුතු බවයි. එය පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට සමාන්තර වන සේ බේරේ වැවට අනිත් පසින් ඉදිකළ යුතු යැයි යෝජනා විය.
අනතුරුව 1970 මහ මැතිවරණයෙන් තේරී පත්වූ සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරිය එවකට පක්ෂ නායකයන්ගෙන් හා කථානායක ස්ටැන්ලි තිලකරත්න මහතාගෙන් නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් සකසන ලෙසට ඉල්ලා සිටින ලදී. එදා එම කටයුත්ත භාරව සිටියේ එඩ්වඩ් රීඩ් සහ බෙග් ආයතනයේ ජෙෆ්රි බාවා මහතාට වුවත් එම ව්‍යාපෘතියද අතරමග නැවතුණි.
1976 දෙසැම්බර් මාසයේ දිනක වැලිකඩ ඊ.ඩබ්ලිව්. පෙරේරා උද්‍යානයේ පැවති මහජන රැලියකදී එවකට එක්සත් ජාතික පක්ෂයෙන් කෝට්ටේ ආසනය සඳහා තරග කළ ආනන්ද තිස්ස ද අල්විස් මහතා එදවස විපක්ෂ නායක ධුරය දැරූ ජේ.ආර්. ජයවර්ධන මහතාගෙන් එක්සත් ජාතික පක්ෂය බලයට පත්වූ පසු නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයේදී ඉදි කළ යුතු බවට ඉල්ලීමක් කළේය.
ඒ අනුව 1977 මහ මැතිවරණය ජයගත් ජේ.ආර්. ජයවර්ධන මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ භූමියක නව ව්‍යවස්ථාදායක ගොඩනැගිල්ල වූ පාර්ලිමේන්තුව පිහිටුවන ලදී.
1979 ජූලි මස 04 වැනි දින කෝට්ටේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතිය එවකට අග්‍රාමාත්‍ය රණසිංහ පේ‍්‍රමදාස මහතා විසින් ලබා දුනි.